Wednesday, 2 November 2016

නුඹ මගෙ පණ තමයි

 
 
 
පුදමින්  පුදන්නට හැකිවූ   හැම           දේම
සැනසුම දෙමින් දෙවිනට දෙව් පුද       සේම
සනසාලන ලොවින්   සැඟවී           හැමදාම
නුඹ මගෙ පණ තමයි,වෙන් වන්නේ කෝම ..?
 
හිත හරි දඟයි අඳුරේ අත පත             ගාන
මට සැනසෙන්න, නුඹ සනසන්නට    ඕන
උඩුගං බලා පීනන ,  හදවත             පේන
නුඹ මගෙ පණයි,මට හැමදා  නුඹ       ඕන.....
 
තුරුලට අරන් සිප සිප  සනසන්න        හිතයි
පස්සෙන් ඇවිත් ගෙල සිඹ කිති කවනු  හිතයි
රොන් රස දන්න බඹරිදු ඇහැරන්න      හිතයි
ලොව ගිනිගත්තදෙන්,ඔබ මගෙ කියනු හිතයි...!
 
යදමින් බඳින්නට බැරි මගෙ සිත්    ගිජිඳු
අදිමින් වරපටින් නුඹ මත්    හස     රජිඳු
විඳිමින් දෙතොල සිප සුරපුර   පෑ    සුරිඳු
රඳමින් කරළියෙහි මලවිගෙ, මා     නිරිඳු!!!!

No comments:

Post a Comment