විඳිමින් දවා හරිමින්, හද දුක දැක්ක
ළඟකින් මවා ගන්නට පින මදි මක්ක
හැඟුමන් නිවා ගනිමින් නුඹවම රැක්ක
සුසුමෙන් පවා සැනසෙන්නම්,නුඹ එක්ක !
ළඟකින් මවා ගන්නට පින මදි මක්ක
හැඟුමන් නිවා ගනිමින් නුඹවම රැක්ක
සුසුමෙන් පවා සැනසෙන්නම්,නුඹ එක්ක !
ඈතින් හිඳත් හිමි නැති සෙනෙහස දැක්ක
සොඳුරිය පසුපසම ආවෙමි,නිති රැක්ක
ලොව සනසන්න මගෙ හද සැනසුම වික්ක
හඬනව සුදූ මගෙ හදවත ඔබ එක්ක
සොඳුරිය පසුපසම ආවෙමි,නිති රැක්ක
ලොව සනසන්න මගෙ හද සැනසුම වික්ක
හඬනව සුදූ මගෙ හදවත ඔබ එක්ක
සිහිනය සබෑ කෙරුවෙම් රන්දා මහදේ
දිනකර දුටු විළස සියපත් විල පිබිදේ
දුටු දසුනකින් සැනසෙන්නට බෑ සුහදේ
මගෙ ආදරේ හිම කන්දක් ඇති මුහුදේ
දිනකර දුටු විළස සියපත් විල පිබිදේ
දුටු දසුනකින් සැනසෙන්නට බෑ සුහදේ
මගෙ ආදරේ හිම කන්දක් ඇති මුහුදේ
නොලැබුනෙ නැතත් පළවෙනි වී ලබන නියා
සැනසෙන සිතක් දුක් විඳ විඳ සොයන තියා
මගෙ හදවතත් ඔතවාගෙන මටම කියා
සංසාරේ තවත් දික්කල මැණික ඔයා....!!!
සැනසෙන සිතක් දුක් විඳ විඳ සොයන තියා
මගෙ හදවතත් ඔතවාගෙන මටම කියා
සංසාරේ තවත් දික්කල මැණික ඔයා....!!!

No comments:
Post a Comment