Wednesday, 2 November 2016

හිත හරි පුදුමයි....





කරුවල හදවතක සඳ වී එළි       පානා
සිසිකැණ අමතුරක අමඵල මට ගේනා
බිළිඳිය මගේ පා සිඹ සිඹ දන     ගානා
ඔබෙ හදවතම හැමදාමත් මට     ඕනා...
 
හසරක් සොයන් යන ගමනෙහි ඉඟි පාන
නිවනක් ලබන්නට මට බෑ නුඹ      පේන
පිදුමන් අමිල කරමින් වන්දන         මාන
දෙවියෙක් කරන්නද මනුලොවෙදිම ඕන
 
සොයමින් තැවෙමි ලං වන්නට නැතිව වරම්
සුසුමක පහස දැනෙනා දුර ඉතුරු        කරම්
සකිසඳ ,මියගියත් නුඹෙ පෙම හදෙහි    දරම්
නුඹෙ ආදරය හින්දා මම හඬන            තරම්
 
සිහිනය සැබෑ කෙරුවෙම් රන්දා   මහදේ
දිනකර දුටු විලස සියපත් විල       පිබිදේ
දුටු දසුනකින් සැනසෙන්නට බෑ   සුහදේ
මගෙ ආදරේ හිම කන්දක් ඇති     මුහුදේ ..

No comments:

Post a Comment