Wednesday 2 November 2016

නුඹ මගෙ පණ තමයි

 
 
 
පුදමින්  පුදන්නට හැකිවූ   හැම           දේම
සැනසුම දෙමින් දෙවිනට දෙව් පුද       සේම
සනසාලන ලොවින්   සැඟවී           හැමදාම
නුඹ මගෙ පණ තමයි,වෙන් වන්නේ කෝම ..?
 
හිත හරි දඟයි අඳුරේ අත පත             ගාන
මට සැනසෙන්න, නුඹ සනසන්නට    ඕන
උඩුගං බලා පීනන ,  හදවත             පේන
නුඹ මගෙ පණයි,මට හැමදා  නුඹ       ඕන.....
 
තුරුලට අරන් සිප සිප  සනසන්න        හිතයි
පස්සෙන් ඇවිත් ගෙල සිඹ කිති කවනු  හිතයි
රොන් රස දන්න බඹරිදු ඇහැරන්න      හිතයි
ලොව ගිනිගත්තදෙන්,ඔබ මගෙ කියනු හිතයි...!
 
යදමින් බඳින්නට බැරි මගෙ සිත්    ගිජිඳු
අදිමින් වරපටින් නුඹ මත්    හස     රජිඳු
විඳිමින් දෙතොල සිප සුරපුර   පෑ    සුරිඳු
රඳමින් කරළියෙහි මලවිගෙ, මා     නිරිඳු!!!!

සංසාරය දිගයි...

 
 
 

විඳිමින් දවා හරිමින්, හද දුක         දැක්ක
ළඟකින් මවා ගන්නට පින මදි      මක්ක
හැඟුමන් නිවා ගනිමින් නුඹවම     රැක්ක
සුසුමෙන් පවා සැනසෙන්නම්,නුඹ එක්ක !
 
ඈතින් හිඳත් හිමි නැති සෙනෙහස   දැක්ක
සොඳුරිය පසුපසම ආවෙමි,නිති       රැක්ක
ලොව සනසන්න මගෙ හද සැනසුම වික්ක
හඬනව සුදූ මගෙ හදවත ඔබ            එක්ක
 
සිහිනය සබෑ කෙරුවෙම් රන්දා    මහදේ
දිනකර දුටු විළස සියපත් විල       පිබිදේ
දුටු දසුනකින් සැනසෙන්නට බෑ   සුහදේ
මගෙ ආදරේ හිම කන්දක් ඇති     මුහුදේ
 
නොලැබුනෙ නැතත් පළවෙනි වී ලබන  නියා
සැනසෙන සිතක් දුක් විඳ විඳ  සොයන    තියා
මගෙ හදවතත්   ඔතවාගෙන මටම          කියා
සංසාරේ  තවත්   දික්කල මැණික            ඔයා....!!!

හිත හරි පුදුමයි....





කරුවල හදවතක සඳ වී එළි       පානා
සිසිකැණ අමතුරක අමඵල මට ගේනා
බිළිඳිය මගේ පා සිඹ සිඹ දන     ගානා
ඔබෙ හදවතම හැමදාමත් මට     ඕනා...
 
හසරක් සොයන් යන ගමනෙහි ඉඟි පාන
නිවනක් ලබන්නට මට බෑ නුඹ      පේන
පිදුමන් අමිල කරමින් වන්දන         මාන
දෙවියෙක් කරන්නද මනුලොවෙදිම ඕන
 
සොයමින් තැවෙමි ලං වන්නට නැතිව වරම්
සුසුමක පහස දැනෙනා දුර ඉතුරු        කරම්
සකිසඳ ,මියගියත් නුඹෙ පෙම හදෙහි    දරම්
නුඹෙ ආදරය හින්දා මම හඬන            තරම්
 
සිහිනය සැබෑ කෙරුවෙම් රන්දා   මහදේ
දිනකර දුටු විලස සියපත් විල       පිබිදේ
දුටු දසුනකින් සැනසෙන්නට බෑ   සුහදේ
මගෙ ආදරේ හිම කන්දක් ඇති     මුහුදේ ..

Tuesday 1 November 2016

සිතිවිලි

 
 
 
 
ඉතිං....
මටත් හිතුනා බ්ලොග් එකක හිතේ ඇතිවෙලා නැතිවෙලායන
සිතිවිලි ටිකක් සටහන් කරලා දාන්න..
නිකමට වගේ.
ඔයාලටත් හිතෙන දේවල් මට වටීවි............